දෙවියන්වහන්සේගේ යහපත්කම ගැන කියන්න
දෙවියන්වහන්සේ ඔවුන්ගේ ජීවිතවල ක්‍රියා කළ ආකාරය මිනිසුන් බෙදා ගත්තේ අපගේ සභාවේ දේව මෙහෙයේ වෙන්කර තිබු පුද්ගලික සාක්ෂි කාලයේදීය. ලැන්ග්ෆෝර්ඞ් නැන්දා හෝ සහෝදරිය හෝ ලෙස සභා පවුල තුළ අප කවුරුත් ඇයව හඳුන්වා ගත් අතර, සාක්ෂිවලට බොහෝ ප්‍රශංසා කිරීම් එකතු කරන කෙනෙකු ලෙස ඇය ප්‍රසිද්ධ විය. ඇය, ඇයගේ පුද්ගලික ගැළවීමේ සාක්ෂිය බෙදාගත් අවස්ථාවලදී, ඇය දේව මෙහෙයේ වැඩි කාලයක් ගනු ඇතැයි කෙනෙකුට අපේක්ෂා…
සැමට එකම දොරක්
මගේ ළමා වියේ අසල්වැසි අවන්හලේ ක්‍රියා පිළිවෙළ 1950 ගණන්වල අගභාගයේ සහ 1960 ගණන්වල මුල් භාගයේ සමාජ සහ වාර්ගික ගතිකත්වයන්ට අනුකූල විය. මුළුතැන්ගෙයි සහායකයින් එනම් කෝකියා වන මේරි සහ මා වැනි පිඟන් සෝදන්නන් කළු ජාතිකයන් වූහ; කෙසේ වෙතත්, ආපනශාලාවේ අනුග්රාහකයන් වූයේ සුදු ජාතිකයන් ය. කළු ජාතියට අයත් වූ පාරිභෝගිකයින්ට ආහාර ඇණවුම් කළ හැකි නමුත් ඔවුන්ට එය ලබා ගත හැකි වූයේ පිටුපස…
අසීමිත කරුණාව
ක්ෂණික ආහාර ආපනශාලා සේවකයෙකු වන කෙවින් ෆෝර්ඞ් වසර විසි හතක් තුළ කිසිම වැඩ මුරයක් අතපසු කර නැත. ඔහුගේ දශක ගණනාවක සේවය සිහිපත් කිරීම සඳහා ඔහුට ලැබුණු නිහතමානි තෑග්ගක් වෙනුවෙන් ඔහුගේ නිහතමානි කෘතඥතාව පෙන්නුම් කරන වීඩියෝවක් මතු වූ පසු, දහස් ගණන් ජනයා ඔහුට කරුණාව දැක්වීමට එක් රොක් වූහ. අරමුදල් රැස් කිරීමේ උත්සාහයක් සතියක පමණ කාලයක් තුළ ඩොලර් 250,000ක් ගෙන එන විට…
යටහත්ය නමුත් බලාපොරොත්තු සහිතය
සභාව අවසානයේ සභාපාලකගේ ආරාධනය නිසා ලැටි්රස් ඉදිරියට ගියාය. ඇයට සෙනගට කතාකරන්න යයි ඇරයුම් කළ විට ඇයගේ බැරෑරුම් සහ මනහර වචනවලට කිසිවෙකුත් සුදානම්ව නොසිටියහ. 2021 දෙසැම්බර් මාසයේදී විනාශකාරී සුළි කුණාටුවක් ඇගේ පවුලේ හත් දෙනෙකුගේ ජීවිත බිලි ගෙන තිබුණි. “මට තවමත් සිනහසිය හැක්කේ දෙවියන්වහන්සේ මා සමග නිසාය” කියා ඇය කීවාය. පරීක්ෂාවන්ගෙන් පීඩා විඳ සිටියද තමන්ගේම අභියෝග සමග පොර බදන අයට ඇයගේ සාක්ෂිය…
මාව සෝදන්න
“මාව සෝදන්න”. ඒ වචන මාගේ වාහනයේ ලියා නොතිබුණද එය ලිවිය හැකිව තිබුණි. ඒ හෙයින් මෝටර් රථ සෝදන ස්ථානයකට මම ගියෙමි. මෑතකදී හිම වැටී තිබුණු ලුණු සහිත පාරවල් වල ගමන් කිරීම නිසා ඉතිරි වූ කැලැල් වලින් නිදහස ලැබීම සඳහා අන් රියැදුරන්ද වාහන සෝදන ස්ථානයට ආහ. පෝලිම් දීර්ඝ වූ අතර සේවය ඉතා සෙමෙන් සිදු විය. නමුත් එසේ බලා සිටීම වටින්නේය. මට පවිත්‍ර…
විද්‍යුත් පණිවුඩ, කරදර සහ ජයග්‍රහණ
ලෝකයේ දුප්පත්ම රටකට ගොස් එහි සිටින සේවය කරන යුවළයන් දිරිමත් කිරීිමට යන ගමන යථාර්ථයක් වූ ගැටුම්, භයංකරකම් සහ අපහසුතාවයන්ට නතර කිරීමට ජිමි ඉඩ දුන්නේ නැත. ඔහු අපගේ කණ්ඩායමට එවූ අඛණ්ඩ විද්‍යුත් පණිවුඩ ඔහු මුහුණ දුන් අභියෝග එළිදරව් කළේය. “හරි සහෝදරවරුනි, යාච්ඤා කාලය ක්‍රියාත්මක කරන්න. පසුගිය පැය දෙකේදී අපි සැතපුම් දහයක් ගොස් තිබුණි. වාහනය දොළොස් වතාවකට වඩා රත් වුනි”. ගමන් ගැටළු…
යේසුස්වහන්සේ වෙනුවෙන් සිට ගැනීමට ධෛර්යය
ක්‍රිස්තුස්වහන්සේ තුළ තබා තිබූ ඇදහිල්ල නිසා ආදි සභා පියෙකු වන පොලිකාප්ට ගිනි තබා මැරීමේ තර්ජනයක් ඉස්මතු විය. “වසර අසූහයක් මම උන්වහන්සේගේ සේවකයෙක්ව සිටියෙමි. උන්වහන්සේ මට කිසි වරදක් කර නැත. මා ගැළවූ මගේ රජුට දැන් මම අපහාස කරන්නේ කෙසේද?” කියා ඔහු පිළිතුරු දුන්නේය. අපගේ රජු වන යේසුස්වහන්සේ තුළ ඇදහිල්ල නිසා අපට ආන්තික පරීක්ෂා එන විට පොලිකාප්ගේ ප්‍රතිචාරය අපට ධෛර්යයක් වනු ඇත.…
විඩාපත් කූඩාරම්
“කූඩාරමට මහන්සියි!” ඒ, කෙන්යාවේ නයිරෝබි නගරයේ දේවස්ථානයක සභාපාලකයෙක් වන මගේ මිත්‍ර පෝල්ගේ වචනයි. 2015 සිට, සභාව කූඩාරමක් වැනි ව්‍යූහයක නමස්කාර කර ඇත. දැන්, පෝල් මෙසේ ලියයි, “අපේ කූඩාරම අබලන් වී ඇත, වැසි වැටෙන විට එය කාන්දු වේ.”
ඔවුන්ගේ කූඩාරමේ ව්‍යුහාත්මක දුර්වලතා ගැන මගේ මිත්‍රයාගේ වචන අපට මතක් කර දෙන්නේ අපගේ මනුෂ්‍ය පැවැත්මේ දුර්වලකම ගැන අපෝස්තුළු පාවුල්ගේ වචනයි. “අපේ පිටත මනුෂ්‍යයා…
යේසුස්වහන්සේ වෙත දිව යාම
පැරිසියට ගිය ගමනකදී, බෙන් සහ ඔහුගේ මිතුරන් නගරයේ සුප්‍රසිද්ධ කෞතුකාගාරයක තමන් සිටින බව දැන ගත්හ. බෙන් චිත්‍ර කලාව පිළිබඳ ශිෂ්‍යයෙකු නොවූවත්, ඉයුජින් බර්නාන්ඩ් විසින් සිතුවම් කළ “ගෝලයන් වන පේත්‍රැස් සහ යොහන්, යේසුස්වහන්සේ උත්ථානය වූ දවසේ උදෑසන සොහොන් ගෙය වෙත දිව යාම” නම් සිතුවම දෙස බලා විස්මයට පත් විය. වචන වලින් තොර වුවත්, පේත්‍රැස්ගේ සහ යොහන්ගේ මුහුණුවල පෙනුම සහ ඔවුන්ගේ අත්වල…
දුෂ්කරතාවයෙන් පෙළෙද්දී
මීට වසර ගණනාවකට පෙර, මගේ මිතුරියක් මට පැවසුවේ හරස් පාරවල් කිහිපයක් හමු වෙන ස්ථානයක් හරහා යාමට උත්සාහ කරන විට ඇය කොතරම් බියට පත් වූවාදැයි කියාය. “මම කවදාවත් මේ වගේ දෙයක් දැක තිබුණේ නැත; පාර හරහා යෑම සඳහා මට උගන්වා තිබූ නීති අකාර්යක්ෂම විය. මම කොතරම් බියට පත් වීද යත්, මම පාර අයිනේ සිටගෙන, බස් රථය එනතුරු බලා, මට වීදියේ අනෙක්…